Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 8:22 - Sinhala Revised Old Version

22 ඔහු කැපකිරීමේ බැටළුවා වන අනික් බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 8:22
10 හුවමාරු යොමු  

ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,


තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.


පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


නුමුත් උන්වහන්සේ කරණකොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහුය. ඒ තැනන්වහන්සේ දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබූසේක.


සත්‍යතාවෙන් ඔවුන්ද පවිත්‍රවන පිණිස ඔවුන් උදෙසා මා කැපකරගතිමි.


මෝසෙස් ළැපැත්ත රැගෙන තේව පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකෙළේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒක කැපකිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ගේ කොටස විය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පූජා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ලෙස සීනයි වනයෙහිදී මෝසෙස් ඔවුන්ට අණකළ දවසේදී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්