Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:37 - Sinhala Revised Old Version

37 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමන්ගේ පූජා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ලෙස සීනයි වනයෙහිදී මෝසෙස් ඔවුන්ට අණකළ දවසේදී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:37
11 හුවමාරු යොමු  

පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,


ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය–නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට හඬගසා සම්මුඛවීමේ කූඩාරමේ සිට ඔහුට කථාකොට:


තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


ඔහු කැපකිරීමේ බැටළුවා වන අනික් බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.


ඔහු ඌ මැරීය; මෝසෙස් උගේ ලෙයින් මඳක් රැගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරෙහිද ඔහුගේ දකුණතේ මාපට ඇඟිල්ලෙහිද ඔහුගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්