Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:23 - Sinhala Revised Old Version

23 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–නුඹලා ගොනෙකුගේවත් බැටළුවෙකුගේවත් එළුවෙකුගේවත් තෙල නොකෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:23
11 හුවමාරු යොමු  

ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.


මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.


මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදක්නා පිණිසද, කන්වලින් නොඅසන පිණිසද, සිතින් තේරුම්ගෙන නොහැරෙන පිණිසද, මා විසින් ඔවුන් සුව නොකරන පිණිසද, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔව්හු තමුන්ගේ ඇස් පියාගන සිටිතියි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේ අපේ පියවරුන්ට මනාකොට කියෙවු වාක්‍යයය.


මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් නුඹලා පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් නුඹලාම තරකරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?


ඔවුන් විශ්වාසකළ පර්වතය වන ඔවුන්ගේ දෙවිවරු කොතැනද? ඔව්හු නැගිට නුඹලාට උපකාරකොට නුඹලාගේ ආවරණය වෙත්වා.


පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්