Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:26 - Sinhala Revised Old Version

26 පාප පූජාවක් කොට එය ඔප්පුකරන පූජකයා එය කන්ට ඕනෑය. සම්මුඛවීමේ කූඩාරමේ මළුවෙහිදී, ශුද්ධවූ තැනක එය කනු ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 පාප සඳහා එය පුදන පූජකවරයා එය වැළඳිය යුතු ය. තවද, ඔහු එය වැළඳිය යුත්තේ, සම්මුඛ මණ්ඩප මළුවේ ශුද්ධස්ථානයක ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:26
14 හුවමාරු යොමු  

ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.


ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.


එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.


එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා.


ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.


ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?


ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.


පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.


පාප පූජාව යම්සේද අපරාධ පූජාවත් එසේමය. ඒවාට එක පනතක් ඇත්තේය. එයින් සමගිකම් කරන පූජකයා ඒවා ලැබිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්