Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:22 - Sinhala Revised Old Version

22 ඔහුගේ පුත්‍රයන්ගෙන් ඔහු වෙනුවට ආලේපලත් පූජකයා ඒක පූජාකළ යුතුය. නිරන්තර පනතකින් ඒක ස්වාමීන්වහන්සේට සහමුලින්ම දවනු ලැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:22
13 හුවමාරු යොමු  

තවද ඔවුන්ට මරණය නිසා පවතින්ට බැරි බැවින් ඔව්හු ගණනින් බොහෝ පූජකයෝව සිටිති.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


(ඉශ්‍රායෙල් පුත්‍රයෝ බීරොත් බෙනෙ-යාකන්හි සිට මොසේරාට පිටත්ව ගියෝය. එහිදී ආරොන් මැරී එහි තැන්පත් කරනු ලැබුවේය; ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් ඔහු වෙනුවට පූජක තනතුරේ මෙහෙය ඉෂ්ට කෙළේය.


ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒක ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්ද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ද වූයේය.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.


පූජකයෙකුගේ සියලු ආහාර පූජා සහමුලින්ම දවනු ලබන්ට ඕනෑය. ඒවා නොකෑ යුතුයයි කීසේක.


තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.


එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය.


ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.


ඔව්හු මාගේ සෙනඟගේ පාපයෙන් පෝෂ්‍යවෙති, ඔවුන් වරදකරනවාටත් ආශාවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්