Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:20 - Sinhala Revised Old Version

20 ආරොන් ආලේප ලබන දවසෙහි ඔහු සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ඔවුන්ගේ පූජාව මේය–නිරන්තර ආහාර පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසකින් උදයේ එයින් භාගයක්ද සවස එයින් භාගයක්ද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ආලේප කරනු ලබන දිනයේ දී ඔවුන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු පූජාව නම්, සිහින් පිටි කිලෝග්‍රෑම් එකකි. එයින් භාගයක් උදය ද අනිත් භාගය සවස ද නිරන්තර ධාන්‍ය පූජාවක් වශයෙන් පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 “ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ආලේප කරනු ලබන දිනයේ දී ඔවුන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු පූජාව නම්, සිහින් පිටි කිලෝග්‍රෑම් එකකි. එයින් භාගයක් උදය ද අනිත් භාගය සවස ද නිරන්තර ධාන්‍ය පූජාවක් වශයෙන් පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:20
17 හුවමාරු යොමු  

මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.


ඕමෙරයක් නම් ඒඵාවෙන් දසයෙන් කොටසක්ය.


ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.


මක්නිසාද සියලු උත්තම පූජකයෝ මනුෂ්‍යයන් අතරෙන් ගනු ලැබ පඬුරුත් පව් උදෙසා පූජාවලුත් ඔප්පුකරන පිණිස දෙවියන්වහන්සේට අයිති කාරණා සම්බන්ධව මනුෂ්‍යයන් උදෙසා පත්කරනු ලබන්නෝය.


මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.


නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය.


කොබෙයියන් දෙදෙනෙක්වත් පරෙවි පැටවුන් දෙදෙනෙක්වත් ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම්, ඔහු කළ පාපය ගැන පාප පූජාවක් පිණිස සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනෙන්ට ඕනෑය; ඒවා පාප පූජාවක් බැවින් ඒ පිට තෙල්වත් තුවරලාවත් නොදැමිය යුතුය.


යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඊට ආහාර පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රිකපාන හිනකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරන්න.


පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ භාරය නම්, එළිය පිණිස තෙල්ද සුගන්ධ ධූප ද්‍රව්‍යද නිරන්තර ආහාර පූජාවද ආලේප තෛලයද ශුද්ධස්ථානය හා ඒකේ සියලුම බඩු ඇතුළුව මුළු මණ්ඩපයද එහි ඇති සියල්ලද බලා ගැනීමයයි කීසේක.


පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,


ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්