Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:2 - Sinhala Revised Old Version

2 යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේසමට භාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියාකළොත්, නොහොත් තම අසල්වාසියාට බලාත්කාරයක් කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:2
25 හුවමාරු යොමු  

එකිනෙකාට බොරු නොකියන්න. මක්නිසාද නුඹලා පරණ මනුෂ්‍යයා ඔහුගේ ක්‍රියා සමඟ අහකදමා,


ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.


කාරණයක් නැතුව නුඹේ අසල්වාසියාට විරුද්ධව සාක්ෂිකාරයෙක් නොවන්න, නුඹේ තොල්වලින් වංචා නොකරන්න.


සොරකම් නොකරන්න; වංචා නොකරන්න, ඔවුනොවුන්ට බොරු නොකියන්න.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.


නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.


නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,


ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට,


ඔවුන් එකිනෙකා තම තමාගේ අසල්වාසියා රවටනවා ඇත, ඔවුන් සැබෑව කියන්නේ නැත. ඔව්හු තමුන්ගේ දිවට බොරු කියන්ට ඉගැන්නුවෝය; ඔව්හු අපරාධකිරීමට වෙහෙසෙති.


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.


දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.


තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.


ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව, පව්කෙළෙමි, ඔබගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කෙළෙමි. එබැවින් ඔබ කථාකරන කල සාධාරණසේක, විනිශ්චයකරන කල ඔබ ශුද්ධසේක.


සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.


ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ ඔහුගේ භාර්යාව ගැන ඔහුගෙන් විචාළාහ; ඈ මාගේ සහෝදරීයයි ඔහු කීය. රෙබෙකා දැකීමට ශෝභන බැවින්: ඇය නිසා ඒ ස්ථානයේ මනුෂ්‍යයන් මා නොමරන පිණිසය කියා ඔහු–ඇය මාගේ භාර්යාවයයි කියන්ට භය වුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.


ඉස්සරහ පැත්ත උතුරු දෙසට තිබෙන කාමරය පූජාසනයේ සේවය පවත්වන පූජකයන්ටත්ය. ඔව්හු වනාහි ස්වාමීන්වහන්සේට සේවය කරන්ට උන්වහන්සේ ළඟට පැමිණෙන ලෙවීගේ පුත්‍රයන්ගෙන්වූ ශාදොක්ගේ පුත්‍රයෝයයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්