Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:18 - Sinhala Revised Old Version

18 ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් නුඹලාගේ පරම්පරාවල නිරන්තරයෙන්ම අයිති කොටසක් මෙන් ආරොන්ගේ දරුවන් අතරේ සියලු පිරිමින්ට එයින් කන්නට පුළුවන. ඊට තැවරෙන කවරෙක් නුමුත් ශුද්ධවන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තවද, ආරොන්ගේ පෙළපතින් පැවතෙන සියලු පිරිමින්ට මෙය වැළඳිය හැකි ය. මෙය වනාහි ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදූ පූජා පිළිබඳ ඔබේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:18
19 හුවමාරු යොමු  

අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක නුඹට ශුද්ධ වන්නේය.


පූජකයන් අතරෙහි සියලු පිරිමි එයින් කන්නෝය. එය අති ශුද්ධය.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


මක්නිසාද: මා ශුද්ධව සිටින හෙයින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයයි ලියා තිබේ.


ඒකේ මාංසයෙහි ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධවන්නේය. ඒකේ ලේ කිසි වස්ත්‍රයක ඉසුණොත් ඒ ඉසුණු වස්ත්‍රය ශුද්ධවූ ඉඩමක සෝදන්න.


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.


ශුද්ධ දේ සම්බන්ධයෙන් මෙහෙකරන්නන් දේවමාළිගාව සන්තක දෙයින් කන බවද පූජාසනයේ සේවයකරන්නන් පූජාසනයට පංගුකාරයන් වන බවද නුඹලා දන්නේ නැද්ද?


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


පූජකයන් අතරෙහි සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන. ශුද්ධවූ තැනකදී එය කෑ යුතුය. එය අති ශුද්ධය.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


තමාගේ අත එළුවාගේ හිස පිට තබා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජාව මරන තැන්හිදී ඌ මරාවා. එය පාප පූජාවක්ය.


ඔහු තමාගේ අත පාප පූජාවේ හිස පිට තබා දවන පූජාව මරන තැන්හිදී ඌ පාප පූජාවක් පිණිස මැරිය යුතුය.


එවිට පූජකයා තමාගේ හණ වස්ත්‍රය හැඳ තමාගේ මාංසය පිට හණ කලිසම ලාගෙන පූජාසනය පිට දවන පූජාව දැවූ ගින්නේ අළු රැගෙන පූජාසනය ළඟ දමන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්