Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:14 - Sinhala Revised Old Version

14 ආහාර පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ආරොන්ගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාසනය ඉදිරිපිට ඒක ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “ධාන්‍ය පූජාව පිළිබඳ නීතිය මෙය ය: ආරොන්ගේ පුත්‍රයන්ගෙන් කෙනෙකු පූජාසනය ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට එය පුද කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:14
12 හුවමාරු යොමු  

එසේ තමාගේ පූජාව ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.


එහෙයින් යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–ස්වර්ගයෙන්වූ කෑම නුඹලාට දුන්නේ මෝසෙස් නොවේ; නුමුත් ස්වර්ගයෙන් පැමිණෙන සැබෑවූ කෑම මාගේ පියාණන්වහන්සේ නුඹලාට දෙනසේක.


ගොනා සමඟ ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් භාගයක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.


බැටළුවෙකු සමඟ නම් ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් තුනෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක් මිශ්‍රකර ඔප්පුකරන්න.


ගින්න පූජාසනය පිට නිතර දැල්වෙමින් නොනිවී තිබියයුතුය.


ඔහු ආහාර පූජාවේ සිහින් පිටියෙන්ද ඒකේ තෙලින්ද අහුරක් සහ ආහාර පූජාව පිට තිබෙන තුවරලා සියල්ලත් රැගෙන ඒ සිහිවීමේ කොටස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.


ඌ වෙන් නොකොට අත්හැඳි ළඟින් ඉරා පූජකයා පූජාසනය පිට ගින්නෙහි තිබෙන දර පිට ඌ දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති දවන පූජාවක්ය.


ලෙවීවරුන් අතරෙන් කොරහිය ෂල්ලුම්ගේ කුලුඳුලාවූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත්ව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්