Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:4 - Sinhala Revised Old Version

4 නොහොත් යමෙක් නපුර කිරීමට හෝ යහපත කිරීමට හෝ ඉක්මන්ව කථාකරමින් දිවුරුවොත්, මනුෂ්‍යයෙක් දිවිරීමකින් ඉක්මන්ව කථාකරන කොයි දෙයක් වුවත් ඔහු නොදැන සිටිය නුමුත්, ඔහු එය දැනගත් කල මේ දේවලින් එකක් ගැන ඔහු වරදකාරයෙක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 යමෙකු නොදැනුවත්කමින් හොඳක් හෝ නපුරක් හෝ කරන්නට වචනයෙන් දිවුරා යමක් ගැන අනිසි ලෙස භාරයක් වුවහොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 යමෙකු නොදැනුවත්කමින් හොඳක් හෝ නපුරක් හෝ කරන්නට වචනයෙන් දිවුරා යමක් ගැන අනිසි ලෙස භාරයක් වුවහොත්, ඔහු එය දැනගත් කල වරදකරුවෙක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:4
25 හුවමාරු යොමු  

පහන්වූ කල යුදෙව්වරු සමාගමක් වී පාවුල් මරන තුරු කන්නේවත් බොන්නේවත් නැත කියා දිවුරුමකින් බැඳුණෝය.


ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය.


මා සමාදානයෙන් අම්මොන් පුත්‍රයන් වෙතින් හැරී එන කල මා සම්මුඛවෙන්ට මාගේ ගෙයි දොරකඩින් පිටත්ව එන කුමක් වුවත් ඒ ස්වාමීන්වහන්සේට අයිති වන්නේය, මම එය දවන පූජාවක් කොට ඔප්පුකරන්නෙමියි කීවේය.


මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.


එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක.


එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට,


එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය.


එවිට ඔහු: ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂාගේ හිස අද නොසිඳ තිබෙන්ට හැරියොත් දෙවියන්වහන්සේ මටත් එසේමද ඊට වැඩියෙන්ද කරනසේක්වයි කීවේය.


නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය.


ඈ බාරයක්වෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේයයි කීවාය.


එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්ට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුළෝයයි කීවෝය.


ඔවුන්ගෙන් ඉතුරුව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන්කොට නොදෙන හැටියට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවුළෙමුයයි කීවෝය.


නුඹලා මෙසේ අද දවසේ යෙරුබ්බාල්ටත් ඔහුගේ වංශයටත් සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකළානම් අබිමෙලෙක් ගැන ප්‍රීතිවන්න, ඔහුත් නුඹලා ගැන ප්‍රීතිවේවා.


යෝෂුවා ඔවුන් සමඟ සමාදානවී, ඔවුන්ගේ ප්‍රාණ ඉතුරුකරන හැටියට ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. සභාවේ අධිපතීහුද ඔවුන්ට දිවුරුම් දුන්නෝය.


ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.


ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්,


නොහොත් ඔහු මනුෂ්‍යයාගේ අපවිත්‍රකමක එනම් මනුෂ්‍යයෙකු අපවිත්‍රවෙන කවර අපවිත්‍රකමකවත් ස්පර්ශවුණොත්, ඔහු එය නොදැන සිටිය නුමුත් දැනගත්කල වරදකාරයෙක් වන්නේය.


මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.


මක්නිසාද ඔව්හු ඔහුගේ ආත්මයට විරුද්ධව කැරළිගැසුවෝය, ඔහුද තමාගේ කටින් අවිචාරයෙන් කථාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්