Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:17 - Sinhala Revised Old Version

17 යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 “මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:17
11 හුවමාරු යොමු  

පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,


මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,


ස්වකීය වැරදි දැනගත හැකි කාටද? නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,


නුමුත් නොදැන, පහර ලැබීමට සුදුසු දේ කළාවූ අය පහර ස්වල්පයක් ලබන්නේය. යමෙකුට බොහෝ දේ දෙනලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අයකරනු ලබන්නේය. යමෙකුට බොහෝ දේ භාරදෙනලද්දේද, ඔහුගෙන් වඩා ඉල්ලනු ලබන්නේය.


නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.


ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.


සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්