Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 5:10 - Sinhala Revised Old Version

10 නියමය ලෙස ඔහු අනිකා දවන පූජාවක් කොට ඔප්පුකළ යුතුය. එසේ පූජකයා ඔහු කළ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දෙ වන සතා ද සිරිත් ප්‍රකාර දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙලෙස ඒ තැනැත්තා කළ පාපයට පූජකවරයා කමාව අයැදින කල, එය ඔහුට කමා කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 5:10
12 හුවමාරු යොමු  

උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.


ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.


උන්වහන්සේ අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවය; අපේ පව් උදෙසා පමණක් නොව මුළු ලෝකයාත් උදෙසාය.


එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ.


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව.


ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


මෙසේ පූජකයා ඔහු මේ දේවලින් එකක් ගැන කළාවූ ඔහුගේ පාපය ගැන සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. ඉතිරි කොටස ආහාර පූජාව මෙන් පූජකයාට වන්නේයයි කීසේක.


ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


තමා විසින් කළ පාපය උදෙසා අපරාධ පූජාව පිණිස රැළෙන් බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ගෑනු සතෙකු පාප පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; පූජකයාද ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්