Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 4:22 - Sinhala Revised Old Version

22 අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 “අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පණත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පනත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 4:22
15 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියාපන්න–නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ විසින් අණකළ කිසිවකට විරුද්ධව යමෙක් නොදැනුවත්ව පව්කොට එයින් එකක් කළොත්, [ඔහු මෙසේ කළ යුතුය.]


මුළු ඉශ්‍රායෙල් සභාව වැරදි දෙයක් කළොත්, ඒ දෙය සමූහයාගේ ඇස් ඉදිරියෙන් සැඟවී තිබේ නම්, නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් කොට ඔව්හු වැරදිකාරයෝ වූවෝනම්,


මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,


පොදු සෙනඟගෙන් කිසිවෙක් නොකටයුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කිරීමෙන් වැරදිකාරයෙක් වී නම්,


ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න.


එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා.


එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට:


අත්වැරුද්දෙන් යමෙකු මරන තැනැත්තා පලායන පිණිස නුඹලාට ආරක්ෂා නුවරවල් වශයෙන් නුවරවල් නියමකරගන්න.


නුඹේ මාංසය ලවා පව්කරවන්ට නුඹේ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹේ හඬට උදහස්ව නුඹේ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඕනෑ මන්ද?


යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.


නුඹලාට වැරදිලා, නුඹලා ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කීවාවූ මේ සියලු ආඥා,


එඩිතරව පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා. එවිට මම නිර්දෝෂ වන්නෙමි, මහත් අපරාධයෙන් නිදොස්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්