Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 3:16 - Sinhala Revised Old Version

16 පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා මිහිරි සුවඳක් පිණිස ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ. තෙල සියල්ලම ස්වාමීන්වහන්සේට අයිතිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ වෙත සුමිහිරි සුවඳක් නැඟෙන පිණිස ගින්නෙන් දවා පිදූ පූජාවකි. තෙල් සියල්ල සමිඳාණන් වහන්සේට අයිති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මේ වනාහි සමිඳාණන් වහන්සේ වෙත සුමිහිරි සුවඳක් නැඟෙන පිණිස ගින්නෙන් දවා පිදූ පූජාවකි. තෙල් සියල්ල සමිඳාණන් වහන්සේට අයිති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 3:16
19 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබුණු මිදුලේ මැද භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාද ශාන්ති පූජාවල තෙලද එහි ඔප්පුකෙළේය. එසේ කළේ සාලමොන් සෑදූ පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද තෙලද අල්ලන්ට මදි නිසාය.


පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.


ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.


ඔහු තෙලද තර වල්ගයද අතුණු පිට තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද දකුණු කළවයද රැගෙන,


ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.


තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.


අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.


ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්