Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 3:15 - Sinhala Revised Old Version

15 වකුගඩු සමඟ අක්මාව පිට දැලද අහක්කොට ඒවායින් තමාගේ පූජාව එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 වකුගඩු දෙක හා ඒවා පිට තුනටිය පෙදෙසෙහි ඇති තෙල සහ වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 3:15
8 හුවමාරු යොමු  

අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.


වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද වෙන්කොට ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයෙන් ගින්නෙන් කළ පූජාවක් ඔප්පු කෙරේවා.


වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද වකුගඩු සමඟ අක්මාව පිට තිබෙන දැලද අහක්කොට ශාන්ති පූජාවෙන් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක් ඔප්පුකෙරේවා.


ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද වකුගඩු දෙක සහ ඊ පිට තුනටිය ළඟ තිබෙන තෙලද,


වකුගඩු දෙකද ඊ පිට තුනටිය ළඟින් තිබෙන තෙලද අක්මාව පිට දැලද වකුගඩු සමඟ වෙන්කෙරේවා.


ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ඔහු උගේ තෙල සියල්ල පුදන්නේය; තර වල්ගේද අතුණු වැසී තිබෙන තෙලද,


ශාන්ති පූජාවල තෙලත් දවන යාග සඳහාවූ පාන පූජාවලුත් ඇතුළුව දවන පූජා බොහෝසෙයින් තිබුණේය. මෙසේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිළිවෙළට යොදනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්