Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:32 - Sinhala Revised Old Version

32 කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට ශුද්ධය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ගණන් කරන පිණිස කෙවිට යටින් යන ගව පට්ටිවල හෝ එළු බැටළු පට්ටිවල හෝ දහ වන සතා සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ගණන් කරන පිණිස කෙවිට යටින් යන ගව පට්ටිවල හෝ එළු බැටළු පට්ටිවල හෝ දහ වන සතා සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:32
6 හුවමාරු යොමු  

කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම නුඹලා දණ්ඩ යටින් යන්ට සලස්වා ගිවිසුම් බැම්මට නුඹලා පමුණුවන්නෙමි.


කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.


යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.


බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්