Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:31 - Sinhala Revised Old Version

31 යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 යමෙක් ඒ දහයෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම්, එයින් පහෙන් පංගුවක් ඊට අමතර ව එකතු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 යමෙක් ඒ දහයෙන් පංගුව නිදහස් කරගනු කැමැති නම්, එයින් පහෙන් පංගුවක් ඊට අමතර ව එකතු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:31
5 හුවමාරු යොමු  

භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


කෙවිට යටින් යන්නාවූ සියලුම මෘගයන් වන ගව එළු බැටළු රැළවලින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට ශුද්ධය.


ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ඌ අපවිත්‍ර මෘගයෙක්නම් ඔහු නුඹ නියමකරන ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර ඌ මුදාගත යුතුය. මුදා නොගත්තොත් ඌ නුඹ නියමකරන ගණනට විකුණනු ලැබිය යුතුය.


යෙහෝවාෂ් වනාහි පූජකයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙනලද්දාවූ කැපකළ දේවල මිල සියල්ලද එනම් එක් එක්කෙනා විසින් ගෙවන්ට නියමවෙන මුදල්ද එක් එක්කෙනා තම තමාගේ කැමැත්තෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්