Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 27:29 - Sinhala Revised Old Version

29 මනුෂ්‍යයන්ගෙන් තීන්දුවටම කැපකරනු ලැබූ කෙනෙක් මුදනු නොලබන්නේය, ඔහු මරනු ලබන්ටම ඕනෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සමිඳාණන් වහන්සේට සම්පූර්ණයෙන් ම කැප කළ මිනිසෙකු ආපසු නිදහස් කරගත නොහැකි ය. ඔහු මරණයට පත් කළ යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සමිඳාණන් වහන්සේට සම්පූර්ණයෙන් ම කැප කළ මිනිසෙකු ආපසු නිදහස් කරගත නොහැකි ය. ඔහු මරණයට පත් කළ යුතු ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:29
7 හුවමාරු යොමු  

ඔහු රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මා විසින් විනාශයට කැපකළ මනුෂ්‍යයා නුඹ නිදහස්කර හැරිය බැවින් ඔහුගේ ප්‍රාණය වෙනුවට නුඹේ ප්‍රාණයද ඔහුගේ සෙනඟ වෙනුවට නුඹේ සෙනඟද දෙන්ට වේය කියා වදාරනසේකැයි කීවේය.


ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේට අති ශුද්ධය.


භූමියේ මුළු අස්වැන්නෙන් එනම් භූමියේ ධාන්‍යයෙන්ද ගස්වල ඵලයෙන්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට අයිතිය. එය ස්වාමීන්වහන්සේට ශුද්ධය.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්