Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:27 - Sinhala Revised Old Version

27 ඌ අපවිත්‍ර මෘගයෙක්නම් ඔහු නුඹ නියමකරන ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර ඌ මුදාගත යුතුය. මුදා නොගත්තොත් ඌ නුඹ නියමකරන ගණනට විකුණනු ලැබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:27
7 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකිරීමට නොගන්නාවූ යම් අපවිත්‍ර මෘගයෙක් නම්, ඔහු ඒ මෘගයා පූජකයා ඉදිරිපිට සිටවිය යුතුය.


නුමුත් කුලුඳුල්ව ඉපිද ස්වාමීන්වහන්සේට අයිතිවෙන කුලුඳුල් මෘගයෙක් කිසිවෙකු විසින් කැපනොකළ යුතුය; ගවයෙක් වුවත් එළුවෙක් හෝ බැටළුවෙක් වුවත් ඌ ස්වාමීන්වහන්සේටම අයිතිය.


ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේට අති ශුද්ධය.


ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.


යමෙකු තමාගේ දසයෙන් කොටසෙන් යමක් මුදාගන්ටම කැමති නම් ඔහු ඒ ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්