Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:21 - Sinhala Revised Old Version

21 ඒ බිම ජුබිලි වර්ෂයේදී නිදහස් වෙන විට තීන්දුවටම කැපවූ බිමක් මෙන් ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; ඒකේ අයිතිය පූජකයාට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට ඊළඟ ජුබිලි වර්ෂයේ දී එය සමිඳාණන් වහන්සේට කැප කළ ඉඩමක් ලෙස ශුද්ධ භූමියක් වනු ඇත. එය පූජකවරයාට හිමි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:21
11 හුවමාරු යොමු  

ඔවුන්ට ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද කන්ට පුළුවන; ඉශ්‍රායෙල් අතරෙහි කැපවූ සියල්ලම ඔවුන්ට වන්නේය.


ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල නුඹට වන්නේය.


එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය.


එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.


එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.


ඔහුගේ සියලු දේපළ දඩයට ගන්ටත් වාල්කමෙන් ආවාවූ අයවලුන්ගේ සභාවෙන් ඔහු වෙන්කරන්ටත් වේය කියාද, වාල්කමෙන් ආ සියල්ලන්ට යූදාහි සහ යෙරුසලමෙහිත් ඔව්හු ප්‍රකාශකළෝය.


නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.


විනාශයට කැපකරනලද දේවලින් කිසිවක් නුඹේ අතෙහි නොඇලේවා. මෙසේ මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා නුඹ පවත්වමින් උන්වහන්සේට හරිව පෙනෙන දේ කරන පිණිස,


නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය.


යමෙක් තමාගේ උරුම බිමක් නොවන්නාවූ තමා මිලේටගත් කෙතක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්