Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:19 - Sinhala Revised Old Version

19 බිම කැපකරන තැනැත්තා ඒක මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය. එවිට ඒක ඔහුට ස්ථිරවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඉඩම කැප කළ තැනැත්තා එය නිදහස් කරගැනීමට කැමැති නම්, නියම කළ මුදලට අමතර ව තව පහෙන් පංගුවක් ඊට එකතු කළ යුතු ය. එවිට එය ඔහුගේ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:19
4 හුවමාරු යොමු  

නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


මනුෂ්‍යයෙක් තමාගේ ගෙය ස්වාමීන්වහන්සේට ශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකෙරේවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා.


එහෙත් ඔහුගේ කෙත ජුබිලි වර්ෂයට පසුව කැපකරන්නේනම් පූජකයා ජුබිලි වර්ෂය දක්වා ඉතිරිව තිබෙන අවුරුදු ලෙස ඔහුට මිල ගණන් බලා කියාවා, ඒ හැටියට නුඹේ නියමකිරීම අඩුවන්නේය.


නුමුත් ඔහු කෙත මුදානොගන්නේනම් නොහොත් ඔහු කෙත වෙන කෙනෙකුට විකුණා තිබේනම් ඒක තවත් මුදනු නොලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්