Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:15 - Sinhala Revised Old Version

15 කැපකළ තැනැත්තේ තමාගේ ගෙය මුදාගන්ට කැමතිනම් නුඹ නියමකරන මුදලට එයින් පහෙන් පංගුවක් එකතුකර දේවා, එවිට ඒක ඔහුගේ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එය කැප කළ තැනැත්තා, ඒ නිවාසය නිදහස් කරගැනීමට කැමැති නම්, එහි මිලට අමතර ව එයින් පහෙන් පංගුවක් එකතු කළ යුතු ය. එවිට නිවාසය ඔහුගේ වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:15
5 හුවමාරු යොමු  

නුමුත් ඌ මුදාගන්ට ඔහු කැමතිනම් නුඹ නියමකරන ගණනට ඔහු පහෙන් පංගුවක් එකතුකර දිය යුතුය.


මනුෂ්‍යයෙක් තමාගේ ගෙය ස්වාමීන්වහන්සේට ශුද්ධකොට කැපකරන කල පූජකයා ඒකේ හොඳ නරක හැටියට ගණන නියමකෙරේවා. පූජකයා නියමකරන ගණනේ හැටියටම එය ස්ථිරවේවා.


මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රවේණි බිමෙන් කොටසක් ස්වාමීන්වහන්සේට කැපකරන්නේනම් නුඹේ නියමකිරීම ඒකේ වැපිරීමේ හැටියට වන්නේය. යව බීජ හෝමරයක වපසරිය රිදී ෂෙකෙල් පනහක් බැගින් වේවා.


ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ඌ අපවිත්‍ර මෘගයෙක්නම් ඔහු නුඹ නියමකරන ගණනට එයින් පහෙන් පංගුවක් එකතුකර ඌ මුදාගත යුතුය. මුදා නොගත්තොත් ඌ නුඹ නියමකරන ගණනට විකුණනු ලැබිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්