Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 26:43 - Sinhala Revised Old Version

43 දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපණත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපනත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 26:43
28 හුවමාරු යොමු  

කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය.


මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්,


නුඹලාට වෛරකරන්ට ලෝකයාට බැරිය; නුමුත් ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු මට වෛරකරති.


එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය.


දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති.


එබැවින් ස්වාමීන්වහන්සේ විපත්තිය ගැන පිබිද සිට, ඒක අප පිටට පැමිණෙවුසේක. මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් කරන තමන්ගේ සියලු ක්‍රියාවල් ගැන ධර්මිෂ්ඨව සිටිනසේක, අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.


සැබවින්ම මම හැරුණායින් පසු මම පශ්චාත්තාපවීමි; දැනමුතුවුණායින් පසු මම කළවයට ගසාගතිමි. මම මාගේ යෞවන කාලයේ නින්දාව දරාගන ආ බැවින් ලජ්ජාවට පැමුණුණෙමි. එසේය, වියවුල්වීමියි එප්‍රායිම් විලාපකියනවා ඇසීමි.


ස්වාමීන්වහන්ස, විපතේදී ඔව්හු ඔබ දෙස බැලුවෝය; ඔබගෙන් ඔවුන්ට දඬුවම පැමුණුණවිට ඔව්හු කන්නලව්වක් වැගිරෙවුවෝය.


ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.


ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති.


මට විපත්ති පැමිණෙන්ට පළමුවෙන් මුළාව ගියෙමි; නුමුත් දැන් ඔබගේ වචනය පවත්වමි.


මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.


ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී,


මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.


මමද මාගේ මණ්ඩපය නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය.


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


මෙසේ වුණේ දේශය ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනතුරු යෙරෙමියාගේ මුඛයෙන් කියවනලද ස්වාමීන්වහන්සේගේ වචනය සම්පූර්ණවෙන පිණිසය. සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවෙනතුරු, දේශය පාළුව තිබුණු කාලය මුළුල්ලෙහි එය සබත් විවේකය ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්