Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 26:37 - Sinhala Revised Old Version

37 කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. නුඹලාගේ සතුරන් ඉදිරිපිට සිටින්ට නුඹලාට කිසි බලයක් නැතිවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 26:37
12 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


මක්නිසාද නුඹලාට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට නුඹලා විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.


නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පහර නොලබන පිණිස නැගී නොයන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙහි නොවන සේක.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මේ සෙනඟ ඉදිරියෙහි පැකිලවන දේවල් තබමි. පියවරු සහ පුත්‍රයෝද අසල්වාසියා සහ ඔහුගේ මිත්‍රයාද එක්ව ඒවායේ පැකිල විනාශවන්නෝය.


පැකිලෙන්නන් උන්වහන්සේ වැඩිකළසේක, ඔව්හු එකිනෙකා පිටටත් වැටුණෝය. තවද ඔව්හු: නැගිටින්න, පීඩාකරන කඩුව ඉදිරියෙන් අපේ සෙනඟ ළඟටත් අප උපන්දේශයටත් යමුයයි කීවෝය.


අසරුවෝ නගිති, කඩුව දිලිහෙන්නේය, හෙල්ලයද බැබළෙන්නේය; සමූහයක් මැරුම්කන්නේය, මළකඳන් ගොඩගැසී තිබේ. මළකඳන් නිමක් නැත; ඔවුන්ගේ මළකඳන්වල හැපී ඔව්හු පැකිලෙති.


පිලිස්තිවරුන් ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටනට සැරසී යුද්ධය පැතිර ගිය විට, ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන් ඉදිරියෙහි පරාජය වූහ. ඔව්හු යුද භූමියෙහි සේනාවෙන් මනුෂ්‍යයන් හාරදාහක් පමණ මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්