Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:8 - Sinhala Revised Old Version

8 අවුරුදුවල සත් සබතක් නුඹට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් නුඹට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:8
7 හුවමාරු යොමු  

සබතට පසුවදා වන නුඹලාගේ තේව මිටිය ගෙනෙන දවසේ පටන් ගැණලා සබත් දවස් සතක්ම පසුවෙන්ට ඇර,


දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.


එහි මුළු වර්ධනය නුඹේ ගවයන්ටත් නුඹේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය.


පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමගිකමක් කිරීමේ දවසේදී නුඹලාගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹින්න.


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය.


ඔව්හු දවස මුළුල්ලේම ඔබගේ නාමය ගැන ප්‍රීතිමත්වෙති. ඔබගේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන උසස් භාවයට පැමිණෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්