Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:47 - Sinhala Revised Old Version

47 නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින නුඹේ සහෝදරයෙක් දිළිඳුව නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 “නුඹලා සමඟ සිටින තාවකාලික ව වසන්නෙකු හෝ විදේශිකයෙකු හෝ පොහොසත් වන අතර, ඉශ්රායෙල් ජාතිකයෙකු දුගී බවට පත් වී, ඔහු විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ විදේශිකයෙකුගේ පරපුරෙන් පැවතෙන යමෙකුට හෝ තමා ම විකුණාගතහොත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 “නුඹලා සමඟ සිටින තාවකාලික ව වසන්නෙකු හෝ විදේශිකයෙකු හෝ පොහොසත් වන අතර, ඉශ්රායෙල් ජාතිකයෙකු දුගී බවට පත් වී, ඔහු විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ විදේශිකයෙකුගේ පරපුරෙන් පැවතෙන යමෙකුට හෝ තමා ම විකුණාගතහොත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:47
7 හුවමාරු යොමු  

මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් නුඹලා දිළින්දාට අගෞරවකළහුය.


එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්,


නුඹලාට පසුව නුඹලාගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම නුඹලාගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් නුඹලාගේ සහෝදරයන්වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය.


ඔහු විකුණු පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය.


නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය.


අන්‍ය ජාතීන්ට විකිණී සිටිය යුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිලදී මුදාගතිමු, ඉතින් නුඹලාම නුඹලාගේ සහෝදරයන් විකුණනවාද? ඔවුන් අපටත් විකුණනු ලැබිය යුතුදැයි කීවෙමි. එවිට ඔව්හු නිශ්ශබ්දව කිසි උත්තරයක් නැතුව සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්