Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:46 - Sinhala Revised Old Version

46 නුඹලාට පසුව නුඹලාගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම නුඹලාගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් නුඹලාගේ සහෝදරයන්වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:46
5 හුවමාරු යොමු  

ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්‍රායෙල් වංශයද ස්වාමීන්වහන්සේගේ දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට නුඹේ දෙවියන්වහන්සේට භය වෙන්න.


තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය.


ඇරත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට නුඹලාගේ දේශයෙහිදී උපදින්නාවූ නුඹලා ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් නුඹලාගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන.


නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින නුඹේ සහෝදරයෙක් දිළිඳුව නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්