Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:41 - Sinhala Revised Old Version

41 එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද නුඹ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:41
8 හුවමාරු යොමු  

එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.


ඔහු පමණක් ආයේ නම් ඔහු පමණක් නිදහස්ව යන්නේය. විවාහවූ අයෙක්නම් ඔහුගේ භාර්යාව ඔහු සමඟ යන්නීය.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.


නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස්කරන්නේයයි කීසේක.


එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.


කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු නුඹ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා නුඹට මෙහෙකෙරේවා.


මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්