Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:20 - Sinhala Revised Old Version

20 ඉදින් අප විසින් වපුරන්නේවත් අපේ අස්වැන්න රැස්කරගන්නේවත් නැත්නම් සත්වෙනි අවුරුද්දේ කුමක් කමුදැයි නුඹලා අසනවානම් මෙසේ කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:20
15 හුවමාරු යොමු  

එබැවින් නුඹලා කරන්නේ මොනවාද බොන්නේ මොනවාදැයි නොසොයන්න, සැක නොසිතන්න.


එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමීන්වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. නුඹේ කෙත නොවපුරන්න, නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න.


නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.


උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.


ස්වර්ගයෙනි, අසන්න, පෘථිවිය, කන් දෙන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ කථාකරනසේක: මම දරුවන් පෝෂණය කොට ඇතිදැඩිකෙළෙමි, එහෙත් ඔව්හු මට විරුද්ධව කැරළිගැසුවෝය.


අමශියාද: එසේ නම් මා ඉශ්‍රායෙල් සේනාවට දුන් තලෙන්ත සියය ගැන අපි මක්කරමුදැයි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගෙන් ඇසුවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාද: ඊට වඩා ඔබට දෙන්ට ස්වාමීන්වහන්සේට පුළුවනැයි කීවේය.


මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති.


තවද ඔවුන් අතරේ සිටිය මිශ්‍ර සමූහයා තෘෂ්ණාවට වැටුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත හඬා: අපට කන්ට මස්දෙන්නේ කවුද?


එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.


දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය;


දේශය තමාගේ ඵලය දෙන්නීය, නුඹලා තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්