Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:13 - Sinhala Revised Old Version

13 ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:13
8 හුවමාරු යොමු  

එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.


මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ජුබිලිය පැමිණි කල්හි ඔවුන්ගේ උරුමය ඔවුන් අයිතිවන ගෝත්‍රයේ උරුමයට එක් කරනු ලැබ අපේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයෙන් පහවේයයි කීවෝය.


මක්නිසාද එය ජුබිලියක්ය; ඒක නුඹලාට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.


එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය.


මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය.


ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,


විකුණන්නාද ජීවත්ව සිටින්නන් අතරෙහි ජීවත්ව සිටියත්, ඔහු වික්ක උරුමයට නැවත නොපැමිණෙන්නේය. මක්නිසාද මේ දර්ශනය එහි මුළු සමූහයාට විරුද්ධව තිබේ, කිසිවෙක් හැරීඑන්නේ නැත; කිසිවෙක්ද තමාගේ අයුතුකමින් තමාගේ ජීවිතය බලවත්කර නොගන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්