Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:11 - Sinhala Revised Old Version

11 ඒ පනස්වෙනි වර්ෂය නුඹලාට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පනස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:11
5 හුවමාරු යොමු  

ඔහු තමාගේ කෙත ජුබිලි වර්ෂය පටන් කැප කරන්නේනම් නුඹේ නියමකිරීමේ හැටියට එය ස්ථිරවන්නේය.


එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය.


මක්නිසාද එය ජුබිලියක්ය; ඒක නුඹලාට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න.


මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්