Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:8 - Sinhala Revised Old Version

8 එහෙත් ගින්නෙන් කරන පූජාවක් සත් දවසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුය. සත්වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය; කිසිම බර වැඩක් නොකළ යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දින හතක් තුළ නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන ආහාර පූජා ඔප්පු කළ යුතු ය. හත් වන දින ශුද්ධ නමස්කාරය සඳහා පවත්වන රැස්වීමකි. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:8
9 හුවමාරු යොමු  

පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.


පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්:


සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.


ඔහු මංගල්‍යයේ දවස් සතේ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට සත් දවසෙන් එක එක දවසට කැලලක් නැති ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් පාප පූජාවක් කොට දවසට එළුවෙකුත් පිළියෙළකරන්නේය.


සත් දවසක් මුහුන් නුමුසු රොටි කෑ යුතුය, සත්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය.


පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න.


සත්වෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; බර වැඩක් නොකරන්න.


තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්