Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 23:41 - Sinhala Revised Old Version

41 අවුරුද්දකට සත් දවසක් එය ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් කොට පවත්වන්න. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 මෙලෙස අවුරුද්දට හත් දිනක් තුළ සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. නුඹලා මේ මංගල්‍ය පැවැත්විය යුත්තේ හත් වන මාසයේ දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 මෙලෙස අවුරුද්දට හත් දිනක් තුළ සමිඳාණන් වහන්සේට මංගල්‍ය පැවැත්විය යුතු ය. මෙය නුඹලාගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි. නුඹලා මේ මංගල්‍ය පැවැත්විය යුත්තේ හත් වන මාසයේ දී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 23:41
5 හුවමාරු යොමු  

සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න.


තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවේය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්තුවෝය; අටවෙනිදා නියමය ලෙස ගරුමය මංගල්‍යය රැස්වීමක් වූයේය.


පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවෙන්න.


මා ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරෙවු බව නුඹලාගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස සත් දවසක් පැල්වල වාසයකරන්න.


එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන්වහන්සේගේ පඬුරක් නුඹලා ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් නුඹලා විසින් නොකෑ යුතුය. එය නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්