Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:27 - Sinhala Revised Old Version

27 ගවයෙක් හෝ බැටළුවෙක් හෝ එළුවෙක් හෝ බිහිවූ කල්හි ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දවස පටන් ඉන් මත්තට ඌ ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්කොට ඔප්පුකිරීමට සුදුසු එකෙක්ව සිටියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 “වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 “වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:27
8 හුවමාරු යොමු  

නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.


නුඹලාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පිණිස මුන්ගෙන් කිසිවෙකු විදේශියෙකුගේ අතින් ගෙන ඔප්පුනොකරන්න; මක්නිසාද උන්ට අන්සීනයක් වී තිබේ, උන්ට කැලලක් ඇත්තේය. උන් නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේයයි කීසේක.


එය ආරොන්ගේ නළල පිට වන්නේය, මෙසේ ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සියලු ශුද්ධ දීමනාවලදී කැපකරන ශුද්ධ දේවල අපරාධය දරන්නේය; ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් පිළිගනු ලබන පිණිස ඒක ඔහුගේ නළල පිට නිතරම වන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


සාමුවෙල් කිරිබොන බැටළු පැටවෙකු රැගෙන ස්වාමීන්වහන්සේට මුළු දවන පූජාවක් කොට ඔප්පුකර, ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; ස්වාමීන්වහන්සේ ඔහුට උත්තර දුන්සේක.


නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්