Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:22 - Sinhala Revised Old Version

22 අන්ධවූද අවයව කැඩුණාවූද අබ්බාගාතවූද වණවත් පිළිකාවත් දදවත් ඇත්තාවූද සතුන් ස්වාමීන්වහන්සේට ඔප්පු නොකරන්න, උන්ගෙන් පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුනොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඇස් නොපෙනෙන හෝ අවයව කැඩුණු හෝ අබ්බාගාත වූ හෝ වණ පිළිකා හා දද ඇති හෝ සතෙකු පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් කොට ඔප්පු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඇස් නොපෙනෙන හෝ අවයව කැඩුණු හෝ අබ්බාගාත වූ හෝ වණ පිළිකා හා දද ඇති හෝ සතෙකු පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් කොට ඔප්පු නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:22
9 හුවමාරු යොමු  

කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේය.


නුඹලා පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් නුඹව පිළිගන්නවා ඇද්දැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.


ඔහු අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල් සියල්ලද,


එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය.


අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්