Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:13 - Sinhala Revised Old Version

13 එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:13
11 හුවමාරු යොමු  

නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ දූවරුද තේව ළැපැත්ත සහ එසවීමේ කළවය පවිත්‍ර තැනකදී කෑ යුතුය. මක්නිසාද ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් නුඹේද නුඹේ පුත්‍රයන්ගේද නියම කොටස කොට දෙන ලද්දේය.


එවිට යූදා තම ලේලිවූ තාමාර්ට කථාකොට: මාගේ පුත්‍රවූ ෂේලා වැඩිවිය පැමිණෙන තෙක් නුඹේ පියාගේ ගෙයි වැන්දඹුවක්ව සිටින්නැයි කීවේය. කුමක් හෙයින්ද: ඔහුගේ සහෝදරයන් මෙන් ඔහුද නොනස්නා පිණිසයයි ඔහු කීය. තාමාර් ගොස් ඇගේ පියාගේ ගෙයි විසුවාය.


ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.


අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය.


පූජකයෙකුගේ දුවක් අන්‍ය ගෝත්‍රයක පුරුෂයෙකුගේ භාර්යාව වුණොත් ඈ ශුද්ධ දේවල එසවීමේ පූජාවෙන් නොකෑ යුතුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන.


තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.


ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්