Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 22:10 - Sinhala Revised Old Version

10 අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 22:10
11 හුවමාරු යොමු  

එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?


එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් අහකට ගත් පිදීමේ රොටි මිස වෙන රොටි එහි නොතිබුණු බැවින් පූජකයා ශුද්ධ රොටි ඔහුට දුන්නේය. ඒවා අහකට ගත්තේ එම දවසේදී උණු රොටි තබන පිණිසය.


ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.


විදේශියෙක්ද කුලී වැඩ කරන කෙනෙක්ද එයින් නොකෑ යුතුය.


එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


අති ශුද්ධවූද ශුද්ධවූද දේවලින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔහුට කන්ට පුළුවන.


තවද ඒ දවසේදී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක්කෙනෙක්වූ සාවුල්ගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම්වූ ඒදොමිය මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එහි නැවතී සිටියේය.


ඌරීම් සහ තුම්මීම් දරන පූජකයෙක් නැගිටිනතුරු අති ශුද්ධ දේවලින් නොකන හැටියට තීර්ෂාතා තෙමේ ඔවුන්ට කීවේය.


නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්