Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 21:12 - Sinhala Revised Old Version

12 ඔහු ශුද්ධස්ථානයෙන් පිටතට නොයා යුතුය, තමාගේ දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානය කිලුටු නොකළ යුතුය; මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේගේ ආලේප තෛලය නමැති ඔටුන්න ඔහු පිට තිබේ. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 21:12
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ ආලේප තෛලය නුඹලා පිට තිබෙන නිසා, නුඹලා නොනස්නා පිණිස, සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොගොස් සිටින්නැයි කීවේය. ඔව්හු මෝසෙස්ගේ වචනය ලෙස කළෝය.


පිරිසිදු රන් තහඩුවක් සාදා: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා මුද්‍රයක කැටයම් මෙන් එහි කැටයම් කරන්න.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.


දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.


ඔහු භාර්යාවක් ඇගේ කන්‍යා භාවයෙහිදී පාවාගනීවා.


ඔහු ස්වාමීන්වහන්සේට කැපවී සිටින සියලු දවස්වල මෘත ශරීරයක් ළඟට නොයා යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්