Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 20:16 - Sinhala Revised Old Version

16 තවද ස්ත්‍රියෙක් මෘගයෙකු සමඟ සංවාසය කරන්ට ඌට ළංවුණොත් ඒ ස්ත්‍රිය හා මෘගයාද මරාදමන්න. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 යම් ස්ත්‍රියක සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඈ ද, ඒ සතා ද මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 යම් ස්ත්‍රියක සතෙකු සමඟ මෛථූනයෙහි යෙදුණොත්, ඈ ද, ඒ සතා ද මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:16
8 හුවමාරු යොමු  

මක්නිසාද: මෘගයෙක්වත් කන්දේ හැපුණොත් ඌ ගල්ගසා මැරිය යුතුය කියා කළාවූ අණ ඔවුන්ට දරන්ට බැරිවිය.


ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.


කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය, ඔහු සැබවින් ගල්ගසනු ලබන්නේය, නොහොත් විදදමනු ලබන්නේය; මෘගයෙක් වුවත් මනුෂ්‍යයෙක් වුවත් ජීවත්නොවන්නේය. හොරණෑව බොහෝ වේලා ශබ්දකරන කල්හි ඔව්හු කන්දට පැමිණෙත්වයි කීසේක.


ගවයෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ මැරෙන ලෙස ඇන්නොත් ගවයා සැබවින් ගල්ගසා මැරිය යුතුය, උගේ මස නොකෑ යුතුය; එහෙත් ගව හිමියා නිදොස්ය.


මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය,


කිසි මෘගයෙකු සමඟ සංවාසයකොට අපවිත්‍ර නොවන්න. කිසි ස්ත්‍රියෙක්ද සංවාසය පිණිස මෘගයෙකු ඉදිරියට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය.


මනුෂ්‍යයෙක් මෘගයෙකු සමඟ සංවාසය කළොත් ඔහු සැබවින් මරනු ලැබිය යුතුය. ඒ මෘගයාද මරාදමන්න.


මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරීයේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්