Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 2:4 - Sinhala Revised Old Version

4 උදුනෙහි පුලුස්සනලද ආහාර පූජාවක් නුඹ විසින් ඔප්පුකරන කල එය තෙල් මිශ්‍රකොට සිහින් පිටියෙන් සෑදූ මුහුන් නැති සිහින් රොටි හෝ තෙල ගල්වනලද මුහුන් නුමුසු පෙති කැවුම් හෝ විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් රොටි හෝ තෙල් ගෑ නුමුහුන් තුනී රොටි හෝ විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “නුඹ ඇනූ පිටි, උදුනේ පුළුස්සා ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනෙන්නෙහි නම්, එය සිහින් පිටි කලවම් කළ, තෙල් මිශ්‍ර නුමුහුන් පූප හෝ තෙල් ගෑ නුමුහුන් තුනී පූප හෝ විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:4
21 හුවමාරු යොමු  

මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.


මම වතුර මෙන් වැගිරයෙමි, මාගේ ඇට සියල්ල අවසන්ධිවේ. මාගේ සිත ඉටි මෙන් වේ; එය මා තුළෙහි උණුවී තිබේ.


උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත,


එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා ගැළෙවුව මැනව. නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි.


මක්නිසාද දෙවියන්වහන්සේ විසින් එවනලද තැනන්වහන්සේ දෙවියන්වහන්සේගේ වචන කථාකරනසේක. කුමක්හෙයින්ද දෙවියන්වහන්සේ මිම්මක් සහිතව ආත්මයාණන් නොදෙනසේක.


එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.


මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.


මෝසෙස් ආරොන්ටත් ඔහුගේ ඉතිරිව සිටි පුත්‍රයන් වූ එලෙයාසාර් සහ ඊතාමාර්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවලින් ඉතුරුව තිබෙන ආහාර පූජාව රැගෙන පූජාසනය ළඟදී මුහුන් නැතුව කන්න. මක්නිසාද එය අති ශුද්ධය.


ඔහුද: මේක පූජකයන් අපරාධ පූජාව සහ පාප පූජාව තම්බන්ටත් ආහාර පූජාව බදින්ටත් ඕනෑවූ ඉඩමය; එසේ කරන්නේ සෙනඟ ශුද්ධකරන පිණිස ඒවා පිට-මළුවට නොගෙනියන පිණිසයයි මට කීවේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.


ඒක මුහුන් දමා බදිනු නොලැබිය යුතුය. ගින්නෙන් කළ මාගේ පූජාවලින් ඔවුන්ගේ කොටස මෙන් ඒක දුනිමි; පාප පූජාව මෙන්ද අපරාධ පූජාව මෙන්ද ඒක අති ශුද්ධය.


ඔහු පූජාසනයට උතුරු පැත්තේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතුය. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිත්වා.


ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.


ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.


මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේට ඔප්පුකරාවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්