Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 2:12 - Sinhala Revised Old Version

12 ප්‍රථම ඵල පූජාවක් කොට ඒවා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්ට නුඹලාට පුළුවන. එහෙත් ඒවා මිහිරි සුවඳක් පිණිස පූජාසනය පිටට නොපැමිණවිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මේවා නාඹුල් පල පූජාවක් ලෙස සමිඳාණන් වහන්සේට පුද කළ හැකි වුව ද, එය සුමිහිරි සුවඳක් මෙන් නැඟීමට පූජාසනය මත නොදැවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 2:12
15 හුවමාරු යොමු  

නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.


ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය.


මේ ආඥාව පතළවුණ විට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝසෙයින්ම ධාන්‍යවලත් මුද්‍රික යුසයෙත් තෙල්වලත් මීපැණිවලත් භූමියේ සියලු අස්වැන්නෙහිත් ප්‍රථමඵල සහ සියල්ලෙන් දසයෙන් කොටසක්ද යහමින් ගෙනාවෝය.


දැන් ස්වාමීන්වහන්ස, මෙන්න, ඔබ මට දී තිබෙන භූමියේ ඵලවලින් ප්‍රථම ඒවා ගෙනායෙමියි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබා, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නමස්කාරකොට,


ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලා රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.


පූප ඇතුළුව මුහුන් මුසු රොටිත් ඔහු තමාගේ පූජාවකොට තමාගේ ශාන්ති පූජාව සමඟ ස්තුති වශයෙන් ඔප්පුකළ යුතුය.


නුඹේ භෝගවලින්ද පාන වර්ගවලින්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගේ කුලුඳුලා මට දිය යුතුය.


මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එප්‍රොන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්‍රයන් ඉදිරියෙහි,


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.


තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද නුඹ විසින් පැවැත්විය යුතුය.


නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න.


තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්