Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:37 - Sinhala Revised Old Version

37 එබැවින් නුඹලා මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 එබැවින් නුඹලා මාගේ නීති ද සියලු විනිශ්චයයන් ද පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:37
14 හුවමාරු යොමු  

නුඹලා ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.


මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.


මට තේරුම දුන මැනව, එවිට ඔබගේ ව්‍යස්ථාව රක්ෂාකරන්නෙමි; එසේය, මාගේ මුළු සිතින් එය පවත්වන්නෙමි.


අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.


හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද නුඹලාට තබාගන්න. මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය.


මාගේ පනත් රක්ෂාකරන්න. නුඹේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ නුඹේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.


අන් දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා, උන්වහන්සේ ලියාදුන් නියෝගද පනත්ද ව්‍යවස්ථාද ආඥාද සෑම කල්හිම පවත්වන්ට බලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්