Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:36 - Sinhala Revised Old Version

36 හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද නුඹලාට තබාගන්න. මම මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 නුඹලා භාවිතා කළ යුත්තේ හරි තරාදි ද හරි පඩි ද නියම ද්‍රව, ද්‍රව්‍ය මිමි ද ආදිය ය. මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:36
11 හුවමාරු යොමු  

හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.


මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


එබැවින් නුඹලා මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.


පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,


හරි තරාදිද හරි ඒඵාවක්ද හරි බාත් මිම්මක්ද නුඹලාට තිබේවා.


දුෂ්ටකමේ තරාදි සහ හොර කළන් පඩි මල්ලකුත් තබාගන සිටිද්දී මට නිදොස්කමක් ඇද්ද?


ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.


මක්නිසාද මම වනාහි නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස මිසර දේශයෙන් නුඹලා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේය. මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටින්න.


යුතු තුලාවක්ද තරාදිද ස්වාමීන්වහන්සේට අයිතිය; මල්ලේ තිබෙන සියලු කළන්පඩිද උන්වහන්සේගේ වැඩය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්