Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:22 - Sinhala Revised Old Version

22 පූජකයාද ඔහු කළ පාපය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. එවිට ඔහු කළ පාපය ගැන ඔහුට ක්ෂමාව ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 පූජකවරයා ඒ තැනැත්තා කළ පාපය උදෙසා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා ඔප්පු කරමින් ඔහු උදෙසා පව් කමාවේ පිළිවෙත ඉටු කළ යුතු ය. එවිට ඔහු කළ පාපය ඔහුට කමා කරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:22
7 හුවමාරු යොමු  

උගේ තෙල සියල්ලම ශාන්ති පූජාවේ තෙල මෙන් පූජාසනය පිට දවන්ට ඕනෑය. මෙසේ පූජකයා ඔහුගේ පාපය ගැන ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, එවිට ඔහු ක්ෂමා කරනු ලබන්නේය.


ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනා යුතුය.


නුඹලා දේශයට අවුත් ආහාර පිණිස සියලු ආකාර ගස් සිටෙවු කල එහි ඵල ඒවායේ අචර්මඡේද්‍යය මෙන් සලකන්න. ඒවා තුන් අවුරුද්දක් නුඹලාට අචර්මඡේද්‍යය මෙන් තිබිය යුතුය; ඒවා නොකෑ යුතුය.


ශාන්ති පූජාවලින් තෙල ගත්තාක් මෙන් උගේ තෙල සියල්ල ගෙනවුත් එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු උදෙසා සමඟිකම් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්