Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 19:14 - Sinhala Revised Old Version

14 බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 19:14
14 හුවමාරු යොමු  

අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.


සහෝදර සමාගමට ප්‍රේමකරන්න. දෙවියන්වහන්සේට භයවෙන්න. රජ්ජුරුවන්ට ගෞරවකරන්න.


එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න.


එබැවින් ඔවුනොවුන්ට අයුතුකම් නොකොට, නුඹේ දෙවියන්වහන්සේට භය ඇතුව සිටින්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.


නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.


තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චයකරන තැනන්වහන්සේට පියාණෝය කියා නුඹලා යාච්ඤාකරන්නහු නම්, නුඹලාගේ විදේශීව සිටීමේ කාලය භයින් පසුකරන්න.


නුඹලාට පීඩාකරන්නන්ට ආශීර්වාද කරන්න; ශාප නොකොට ආශීර්වාදම කරන්න.


තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි.


මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,


විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න.


ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවේ පටන්ගැන්මය; ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්