Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:5 - Sinhala Revised Old Version

5 එබැවින් නුඹලා මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:5
19 හුවමාරු යොමු  

මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.


මාගේ පනත් ඔවුන්ට දී, මාගේ විනිශ්චයන් ඔවුන්ට දැන්වීමි; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය.


ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය.


උන්වහන්සේ: නුඹ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට නුඹ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව:


නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය, මිසරවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි, ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස්කරන්නෙමි, දිගුකළ බාහුවකින්ද මහත් විනිශ්චයවලින් ද නුඹලා මුදන්නෙමි.


තවද දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම යෙහෝවඃවහන්සේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මම ස්වාමීන්වහන්සේය. මා විසින් නුඹට කියන සියල්ල මිසරයේ රජවූ ඵාරාවෝට කියවයි කීසේක.


උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක.


මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි.


නුඹලාගෙන් කිසිවෙක් තමාගේ කිට්ටු නෑයෙකු කරා නග්නභාවය හරින පිණිස ළංනොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


ඔබගේ ව්‍යවස්ථාවට ඔවුන් හරවාගන්ට ඔබ ඔවුන්ට අවවාදකළසේක. එහෙත් ඔව්හු උඩඟුකම්කර, ඔබගේ ආඥාවලට ඇහුම්කන්නොදී, මනුෂ්‍යයා ජීවත්වෙන පිණිස ඔහු විසින් කළ යුතුවූ ඔබගේ විනිශ්චයවලට විරුද්ධව පව්කොට, පෙරළිකාර කරක් ඇතුව, තමුන්ගේ කුළල් තදකරගන, ඇහුම්කන්නොදී සිටියෝය.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹ ජීවත් වෙන පිණිස නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සිතද නුඹේ දරුමුණුබුරන්ගේ සිත්ද චර්මඡේද්‍යය කරනසේක.


ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට නුඹ වාසයකරන පිණිස, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්