Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 17:15 - Sinhala Revised Old Version

15 ස්වදේශීවූ හෝ විදේශීවූ හෝ කවරෙක් නුමුත් ඉබේ නැසුණු නොහොත් මෘගයන් විසින් ඉරාදමනලද සතෙකුගේ මාංස කෑවොත් ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, ඔහු සවස දක්වාද අපවිත්‍රව සිටින්නේය, ඊට පසු ඔහු පවිත්‍රවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 17:15
22 හුවමාරු යොමු  

ඉබේ මැරුණු කිසි සතෙකුගේ මාංස නොකෑ යුතුය. ඒවා නුඹේ දොරටු ඇතුළත සිටින්නාවූ විදේශියාට කන්ට දෙන්ට හෝ පරදේශියෙකුට විකුණන්ට හෝ නුඹට පුළුවන. මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධවූ සෙනඟක්ය. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොතැම්බිය යුතුය.


ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය.


නුඹලා මට ශුද්ධ මනුෂ්‍යයෝ වන්නෝය. එබැවින් කෙතෙහි මෘගයන් විසින් ඉරූ සතෙකුගේ මාංස නොකෑ යුතුය; ඒවා බල්ලන්ට දැමිය යුතුය.


උන්ගේ මළකුණුවලින් කිසිවක් උසුලා ගෙනයන කවරෙක් නුමුත් තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


ඉබේම මැරුණු නොහොත් මෘගයන් විසින් ඉරාදැමූ කිසි පක්ෂියෙක්වත් මෘගයෙක්වත් පූජකයන් විසින් නොකෑ යුතුය.


එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාලවයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.


ඔහුගේ යහනේ ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


එය ඔවුන්ට නිරන්තර පනතක් වන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඉසින්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගනීවා; අපවිත්‍රකම පහකිරීමේ වතුර ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේය.


එසේ පවිත්‍ර තැනැත්තේ තුන්වෙනි දාත් සත්වෙනි දාත් අපවිත්‍ර තැනැත්තාට වතුර ඉසීවා. එසේ සත්වෙනි දින හෙතෙම ඔහුගේ දෝෂ පහකරාවා; ඔහු තමාගේ වස්ත්‍ර සෝදා වතුර නාගන සවස පවිත්‍ර වන්නේය


ඌ දැවූ තැනැත්තේ තමාගේ වස්ත්‍ර දියෙන් සෝදා, වතුර නාගන, සවස් වන තෙක් අපවිත්‍රව සිටින්නේය.


ඇගේ යහනෙහි ස්පර්ශවන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ඔහුගේ ඇඟට යටව තිබුණු කිසි දෙයක ස්පර්ශවන කවුරු නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒවා ගෙනයන්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය, සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය.


ඉබේ මළාවූ සතාගේ තෙලද මෘගයන් විසින් ඉරාදැමූ සතාගේ තෙලද අන්කිසියම් වැඩකට ගත හැකිය. නුමුත් නුඹලා කිසිසේත් ඒවායින් නොකෑයුතුය.


ඒ මළකුණෙන් කන තැනැත්තේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ මළකුණ උසුලාගන යන තැනැත්තේද තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී.


නුඹේ ගවයින් සහ බැටළුවන් ගැනද එසේම කළ යුතුය. ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දින ඌ මට දිය යුතුය.


නුඹලා මුන්ගෙන් අපවිත්‍රවන්නහුය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.


පාද සතරෙන් යන සියලු ආකාර මෘගයන් අතරෙන් පතුල් තබායන සියල්ලෝ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මළකුණු ස්පර්ශකරන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රවන්නේය.


උන්ගේ මළකුණු උසුලාගනයන්නා තමාගේ වස්ත්‍ර සෝදාගනීවා, ඔහු සවස දක්වා අපවිත්‍රව සිටී. ඒ සත්තු නුඹලාට අපවිත්‍රය.


බඩගායන සියලු සතුන් අතරෙන් නුඹලාට අපවිත්‍රවන්නේ මේ සත්තුය. උන් මළ පසු උන්ට ස්පර්ශවන කවරෙක් නුමුත් සවස දක්වා අපවිත්‍රව සිටී.


උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය.


නුඹලා කෑමට ගන්න මෘගයින්ගෙන් එකෙක් මැරුණොත් උගේ මළකුණේ ස්පර්ශවන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්