Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:32 - Sinhala Revised Old Version

32 ආලේපය ලබා තමාගේ පියා වෙනුවට පූජකකම් කිරීමට පත්වෙන්නාවූ පූජකයා එසේ සමඟිකම කළ යුතුය. ඔහු හණ වස්ත්‍ර එනම් ශුද්ධ වස්ත්‍ර හැඳගන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 තම පියා වෙනුවට පූජක නිලයේ සේවා කරනු පිණිස පූජකවරය ලබමින් ආලේප කරනු ලබන පූජකවරයා හණ පිළියෙන් සෑදූ ශුද්ධ වස්ත්‍ර ලාගෙන පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:32
8 හුවමාරු යොමු  

ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.


ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයෙන් මඳක් සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනවුත්,


එවිට ආලේපලත් පූජකයා ගොනාගේ ලෙයින් මඳක් රැගෙන එය සම්මුඛවීමේ කූඩාරම ළඟට ගෙනා යුතුය.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.


අති ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කළ යුතුය, සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද පූජකයින්ද සභාවේ සියලු සෙනඟද උදෙසාත් සමගිකමක් කළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්