Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:21 - Sinhala Revised Old Version

21 ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔහු උගේ හිස මත අත් දෙක තබා ඉශ්රායෙල් ජනයාගේ දුෂ්ටකම් සහ නපුරුකම් වන සියලු පාප ඌ මත උච්චාරණය කොට, ඒ සඳහා පත් කළ කෙනෙකුට බාර දී ඌ පාළුකරයට ගෙන යන්නට හැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:21
16 හුවමාරු යොමු  

අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.


මක්නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය.


එස්රා අඬමින් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරියේ වැටී ඉඳ යාච්ඤාකොට පව් කියා සිටියදී, ඉශ්‍රායෙල්වරුන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළමයින්ද ඉතා මහත් සමූහයක් ඔහු වෙතට රැස්වුණෝය. මක්නිසාද සෙනඟ බොහෝසෙයින්ම ඇඬුවෝය.


මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.


තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.


මාගේ පාපය ඔබට ප්‍රකාශකෙළෙමි, මාගේ අයුතුකම නොසැඟවීමි. මාගේ වරද ස්වාමීන්ට කියාදෙන්නෙමියි කීමි; ඔබද මාගේ පාපයේ අයුතුකම කමා කළසේක.


එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා,


සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිටට ගොනා ගෙනෙන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ගොනාගේ හිස පිට තමන්ගේ අත් තබත්වා.


එසේ ඔහු මේ දේවලින් එකක් ගැන වරදකාරයෙක් වූ කල ඒ දේ ගැන පව්කළ බව කියාදී,


ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.


ඔහු ශුද්ධස්ථානයද සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද උදෙසා සමගිකමක්කොට නිමවූ කල පණ පිටින් සිටින එළුවා ඉදිරියට ගෙනේවා.


එළුවාද ඔවුන්ගේ සියලු අයුතුකම් දරාගෙන පාළු දේශයකට යන්නේය. ඔහු එළුවා වනාන්තරයෙහි යන්ට හරින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්