Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 16:12 - Sinhala Revised Old Version

12 එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාසනයෙන් දැල්වෙන ගිනි අඟුරු ගෙන දුම් බඳුනක් පුරවා, හොඳට කුඩු කළ සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක් ද ගෙන, තිරය පිටුපසට පැමිණ

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 16:12
13 හුවමාරු යොමු  

ආරොන්ගේ පුත්‍රයෝවූ නාදාබ් සහ අබිහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන්වහන්සේ ඔවුන්ට අණනොකළාවූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


එවිට ඔව්හු මුහුණින් වැටුණෝය. එවිට මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹේ ධූප භාජනය රැගෙන පූජාසනයෙන් ගිනි අරන් එහි බහා, සුවඳ ද්‍රව්‍ය ලා, වහාම සභාව ළඟට ගෙන ගොස් ඔවුන් උදෙසා සමඟිකමක් කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙන් උදහස නික්ම ගියේය; වසංගතය පටන් ගත්තේයයි කීවේය.


එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ.


ආලේප තෛලයද ශුද්ධස්ථානයට සුගන්ධ ධූප ද්‍රව්‍යද මා විසින් නුඹට අණකළ සියල්ල ලෙස ඔව්හු කරත්වායයි කීසේක.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.


ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය.


නුමුත් දෙවෙනි මණ්ඩපයට උත්තම පූජකයා පමණක් අවුරුද්දකට එක වරක් ඇතුල්වේ. ඒත් ලේ නැතුව නොවේය, ඒ ලේ ඔහු තමා උදෙසාත් සෙනඟගේ වැරදි උදෙසාත් ඔප්පුකරන්නේය.


දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළෝකම්පාවක්ද විය.


ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්